එක්තරා ට්වීට් එකකට දාලා තියන සමහර රිප්ලයි, සහ Quoted tweets දැක්කම හිතුණේ , සමහර මිනිස්සු වයසින් පරිණත වුණාට, තර්කානුකූලව හිතන විදිහ ආකල්ප වල දියුණුව , මනුස්සයෙක් තව මනුස්සයෙක්ට ගෞරව කරන හැටි ගැන තවමත් අවබෝධයක් නෑ කියන එක.
ඔයා කරන විහිළු, ඉරියව්, බලන විදිහ තව කෙනෙක් ගැන දෙන තීන්දු, අදහස් ප්‍රකාශ හරිම සාමාන්‍ය දෙයක් , විහිළු, වගේ වුණාට ඒක අනෙක් පුද්ගලයාට හිරිකිත, අප්‍රසන්න, අපුලක් ගෙනදෙන දෙයක් නම් ඔයාගෙ විහිළුව විහිළුවක් නෙවෙයි. ඒක වෙන්නෙ පාරෙද, ඔන්ලයින් ද ගෙදර ද , පන්තියෙද කියන එක අදාළ නැහැ.
ඒකෙන් වෙන්නෙ අනෙක් පුද්ගලයාට මානසික හිරිහැරයක්. ඔයා ඔයාගෙ ජීවිතේ ගෙවන්නෙ එහෙම තව කෙනෙක්ට හිරිහැරයක් වෙන්න නම්, ඔයා උස් මහත් වෙලා හැදිලා වැඩිලා තියන විදිහෙ ගැටළුවක් තියනවා මොකද ඔයා දන්නෙ නෑ තව කෙනෙක්ට කරදරයක් නොවී , අප්පිරියා නොවී පාඩුවේ ජීවත් වෙන්න.

අනික තමා ,අරයා නම් මේවා ගණන්
ගන්නෙ නෑ, මෙයා නම් ඔවා හරිම සැහැල්ලුවෙන් ගන්නෙ, අපි කියන ඒවට එහෙනම් එයාල මොනා නොකරන්න ඕනද වගේ ගොන් කතා කියලා , ගොන් සාදාරණීකරණය කිරීම් කරන්න එපා. ඔයාගෙ මෝඩකම එතනින්ම පේනවා. මොකද ඔයා හිතන් ඉන්නෙ හැම මනුස්සයම එක වගේ , ඒක නිසා අපි කරන විහිළු හැම කෙනාටම එක වගේ,හැම කෙනාම ඒවා හිනාවෙලා
බාර ගනි, බාරගන්න ඕන කියලා නම් ,ඔයාට හොඳටම වැරදිලා. නෑ. හැම මනුස්සයාම එක වගේ නෑ චුට්ටක් වත් . දැන් කියන්නෙ අනේ ඔයා අම්ම වගේ,ඔයා තාත්තා වගේ කියලා. අනේ නෑ, අපි හිතන පතන විදිහ , එක එක දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ, අපේ පෞරුෂය ඒක හැම පුද්ගලයාටම ආවේණික දෙයක් මිසක් පොදු දෙයක් නෙවෙයි.
අපි කවුරුත් එක වගේ නැහැ. ඔයා කරන ජරා විහිළුවකට, වල් කතාවකට කෙනෙක් හිනාවෙලා ඉග්නෝ කරන්න පුළුවන්, හැබැයි තව කෙනෙක්ට එක හිරිකිතයක් ගේන දෙයක් වෙන්න පුළුවන්, එහෙම වුණොත් ඒක කෙලින් කියන්න ඒ මනුස්සයාට අයිතියක් තියනවා.

අනික තමා අනේ ඒක විහිළුවක් නෙ , විහිළු තේරෙන්නෙ නැද්ද , ටේක් ඉට් ඊසි
අපෝ ෆොටෝ දානවා නම් ඕවා ඉවසන් ඉන්න ඕන වගේ මෝඩ කතා කියල පැත්තෙන් දෙන අය, උඩ ඉඳලා ආයෙ කියවන්න, ඔයාට කූල් කියල හිතුනට හැම කෙනෙක්ටම ඒක කූල් වෙන්නෙ නෑ.ඒ මනුස්සයා ඒකට අකමැත්ත ප්‍රකාශ කරන නවත්තන්න එපා. ඒකට වෙන වෙන දේවල් කියලා ෆොටෝ දැම්මා නම් කැත කමෙන්ට් වලට අකමැත්ත ප්‍රකාශ කරන්න අයිතියක්
නෑ වගේ ඒත්තු ගන්වන දේවල් කියන තරම් මෝඩ වෙන්න එපා.

අනික අඳින පළඳින විදිහ ගැන උපදෙස් දෙන්න යන්න එපා, ඔයා ඒ කෙනාට, ඇඳුම් අරන් දෙන්නෙ නැත්තන්, කන්න බොන්න දෙන්නෙ නැත්තන්, ඔයා එයාට වියදම් කරන්නෙ නැත්තන්. ඒවා ඔයා ඕනම නම් ඔය කියන ඕන ගොන් කතාවක් ඉස්මුදුනින් පිළිගන්න කෙනෙක්ට කියලා බලන්න.
ඔයා ඔයාගෙ මුදලින් හරි දෙමව්පියෝ දෙන මුදලින් හරි දාගන්න ඩේටාවත් ඔයාගෙ ඔය සෝශල් මීඩියා අකවුන්ට් වත්, අඩුම කිසිම දෙයක් ඔයාට අයිතියක් දෙන්නෙ නෑ තව කෙනෙක්ගෙ පෞද්ගලික දේවල් ගැන කමෙන්ට් කරන්න. ඉතින් එහෙම කරනවා ඔයාගෙ ඔය ඔළුව ඇතුළේ තියන මොළේ කඩල ඇටයක් සයිස්වත් බුද්ධි ප්‍රමාණයක් තියනවා නම්
ඒක පාවිච්චි කරලා වැදගත් මනුස්සයෙක් වෙන්න බලන්න . මොකටද දන්නවද ? අඩුම තරමෙ අම්මා තාත්තා ඔයාව මේ ලෝකෙට බිහි කරලා ඔයා මෙහෙම ඉන්ටර්නෙට් එකේ නොදන්න ගෑණුන් ළමයින්ගෙ ෆොටෝ එකකට කමෙන්ට් කරන්න පුළුවන් වෙන තරමටවත් උස් මහත් කරලා කන්න බොන්න දුන්න පිනටවත්.
වල් කතා , ජරා විහිළු, ඒවට කැමති අය එක්ක කරන්න.අකමැති අයට එහෙම සවුත්තු කතා කියලා ඒකට ඒ මනුස්සයා විරුද්ධත්වය ප්‍රකාශ කරාම අනී මෙයා නම් මෙහමයි අරීහීමයි, විහිළු තේරෙන්නි නැද්ද අනී, අලි ලයින්, සෙලිබිටිද උයා කියලා වැළලෙන්න එපා. හෙන ගොන්.
You can follow @kawwwaa.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: